Sun. Oct 2nd, 2022

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින්  අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පළතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළු වර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පළතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ දැක්‌වෙයි.

එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර  ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර තිබේ.

License_Gazette_2022_March_12_Final