Thu. Feb 2nd, 2023

අගමැතිවරයා ලෙස වගකීම් භාර ගෙන පිරිසිදු පාලනයක් ගෙන යාමට තමන් අද දිනයේත්  සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (25) පැවසීය.

බලය වෙනුවෙන් තමන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නොවන බැවින් විධායක ජනාධිපති ධුරය මෙන්න විධායක අගමැතිවරයෙකු නිර්මාණය නොවන පිරිසුදු 21 වන සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන රටේ වගකීම භාර ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ඔහු සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහබැංකු හොරු සිටින ආණ්ඩුවකට හොරු අල්ලන්න හැකි දැයි තමන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
ජනතාවගේ ජීවිතත් සමග තවදුරටත් සෙල්ලම් නොකර වගකීම් සහගතව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් තමන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.