Sat. Jan 28th, 2023

නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වීමට තමා තුළ කිසිදු අපේක්ෂාවක් නැතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයා තිබේ.වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අමාරු අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් කරගෙන යන බවද ආචාර්ය කුමාරස්වාමි මහතා සඳහන් කර ඇත.වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කර යළි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා බැංකු අධිපති ධුරයට පත් කිරීමට යන බවට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය කුමාරස්වාමි මහතා මේ බව සඳහන් කර තිබේ.