Mon. Oct 3rd, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පත් කර තිබේ.

ඒ අනුව ඒ මහතා ලබන ජුනි මස 01 දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.

ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද හමුදාධිපති ධූරයෙන් විශ්‍රාම යන බවද හෙතෙම සඳහන් කරයි.

යුදහමුදා සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජුනි 1 වන දින සිට රාජකාරි බාර ගැනීමට නියමිතව බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.