රටේ පවතින තත්ත්වය අනුව ඉදිරි සති දෙකක කාලයෙන් පසු යළිත් ඉන්ධන මිල ඉහල දැමීමට ඉඩ තිබෙන බව ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
දැනටද තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරන්නේ එය සීමා සහිතව බවත් වාහන සඳහාද ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බවත් හෙකෙම සඳහන් කරයි.
දැනට රට පුරා පෝලිම් අවසන් නොවීමටද එක් හේතුවක් වී ඇත්තේ එය බව ඔහු පෙන්වා දෙයි.
දැනට ඇති තත්ත්වය අනුව සති දෙකක් ඇතුළත යළි ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ ඇති බව ඔහු තවදුරටත් කියා සිටී.