Tue. Oct 4th, 2022

ගෑස් මෙරටට ගෙන්වීම පමා වී ඇත්තේ අදාළ ඇණවුම් සඳහා නිසි වේලාවට ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ඩොලර් ගෙවීම ප්‍රමාදවීම යැයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පවසයි.

ඩොලර් ප්‍රශ්නය නිරාකරණය කර ගන්නා තුරු ගෑස් ගෙන්වා ගැනීම නිසි පරිදි කරගෙන යෑමට නොහැකි නිසා අනවශ්‍ය ලෙස පෝලිම්වල නොසිට ඉවසීමෙන් කටයුතු කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට ගෑස් නෞකාවක් සඳහා මුදල් ගෙවා තිබෙන බැවින් ඉදිරි දින දෙක තුළ එය නිදහස් කර ගෑස් යළි බෙදාහරින බව ද ඒ මහතා පවසයි. එම නිසා යළි දැනුම් දෙන තුරු පෝලිම්වලට නොපැමිණෙන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

ලැබෙන ගෑස් ප්‍රමාණය රටේ සමස්ත අවශ්‍යතාව පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවන බව පවසන සභාපතිවරයා මෙම දුෂ්කර කාල පරිච්ඡේදය නිමවන තුරු ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බව ද පෙන්වා දෙයි.