Sat. Jan 28th, 2023

විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

යෝජිත 21 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙන නමුත් එයින් පමණක් සෑහීමකට පත්වන්නට නොහැකි බව කී අමාත්‍යවරයා රටේ ආණ්ඩු පාලනයට මුළු පාර්ලිමේන්තුව එකතු කරන ක්‍රමයක් මෙන්ම විනිවිදභාවය ඇති කිරීම සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කොමිටිවලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට වාතාවරණයක් සකසන බවද පැවසීය.