එල්පී ගෑස් මෙට්රික් ටොන් 3,500ක් රැගත් නැවක් අද(30) දහවල් කොළඹ වරායට පැමිණෙන බව ලිට්රෝ සමාගම පවසයි.
එම ගෑස් ගොඩබෑමෙන් පසු ජුනි 01 වැනිදා සිට බෙදාහැරීම් කටයුතු සිදු කරන බවද වාර්තා වෙයි.
එතෙක් ගෑස් මිලදී ගැනීමට පෝලිම්හි රැඳී නොසිටන ලෙස ලිට්රෝ සමාගම පාරිභෝගිකයිනට දැනුම් දෙයි.