Sun. Oct 2nd, 2022

21 වැනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා කෙටිකාලීන ආණ්ඩුවක් පත් කළේ ජනතාවගේ  ප්‍රශ්න විසඳීමට විනා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද ඔහු පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳෙන බවත් ජනතාවගේ  ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් හෙතෙම සඳහන් කරයි.

නමුත් අද ප්‍රමුඛත්වය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට බවද ඔහු පවසයි.