Sat. Jan 28th, 2023

අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සහ බොරිස් ජොන්සන් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (30) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රතිඥාව ලබාදී ඇත.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ද මෙම දුරකථන සංවාදයේ දී කර තිබේ.

එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙි අපනයන මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබාදෙන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සුභ පැතුම් පළ කර තිබේ.