Sun. Jan 22nd, 2023

බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි ෆාතිමා අයේශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කොත්තු හදන්නකු අත්අඩංගුවට ගත් බව පානදුර  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි  28 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වූ දැරිය කුකුල්මස් වෙළද සැලට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇති බවත්, දැරියට පෙර සැකකරු වෙළද සැලෙන් පිටවී ලදු කැලෑවක් අසල මග රැක සිට ඇති බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

දැරිය කුකුල් මස් රැගෙන නිවෙස බලා යද්දී  අසල තිබූ කැලයට ඇයව ඇදගෙන ගොස් දැරියගේ ශරීරය ස්පර්ශ කර ඇති බවත්,  එහිදී ඇය සැකකරුගේ ග්‍රහනයෙන් මිදීමට උත්සාහ දරා විලාප නගා ඇති බවත් මෙතෙක් කළ පරික්ෂණවලින් හෙලිවූ බව වාර්තා වෙයි.

දැරියගේ මුව තුළට රෙදි කැබැල්ලක් ඔබා තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් අසල තිබූ මඩ වගුරකට තල්ලුකර ප්‍රාණය නිරුද්ධ වනතුරු එහි ගිල්වා දැරියගේ පිටට සිය දණහිස තබාගෙන තද කර ඇති බවත්  වර්තා වෙයි.