Sat. Jan 28th, 2023

සහසිකයකු අතින් ඝාතනයට ලක් වූ අටුලුගම පාතිමා අයේශා දැරියගේ අවසන් කටයුතු දහස් ගණනකගේ සෝසුසුම් මැද අටුලුගම මහ පල්ලිය සුසාන පොදු සුසාන භූමියේදී ඊයේ මධ්‍යයේ‍ෙ සිදු කෙරිණි

ඉකුත් 27 වැනි දින වෙළඳ සැලකට ගොස් යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී නොසිතූ නොපැතූ අයුරින්  නිවසට මීටර් කීපයක් තිබියදී හිත් පිත් නැති කාමාතුරයකුගේ අතින් ඝාතනයට ලක්විය.

නව හැවිරිදි වියේ පසු වුණු සුරතල් සිඟිත්තියක වූ ඇයගේ වියෝව සමග 20,000ක පමණ මහා ජනකායක් වෙසෙන අටුලුගම ගම්මානය පමණක් නොව මුළු රටම හඬා වැලපෙන්නට විය

කොටදෙනියාව සේයා දැරියගේ වියෝව හදවත්වලින් මැකී යන්නටත් පෙර එවැනි ම වූ දැරියකට අත්වූ ඉරණම දරුවන් සිටින, සහෝදර සහෝදරියන් සිටින,ඥාතීන් සිටින කිසිවෙකුත් අනුමත නොකරනු ඇත.